Loading..

සාමාන්‍ය පෙළ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් පණිවිඩයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව සියලු උපකාරක පන්ති පැවැත්වීම මෙම මස 23 වන දින මධ්‍යම රාත්‍රී 12.00 සිට තහනම් කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 29 වනදා සිට ජුනි මස 08 වන දින දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,568කදී පැවැත්වීමට නියමිතය.

ඒ අනුව 23 වනදා සිට විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම එම පන්ති මෙහෙයවීම විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් වෙයි.

එමෙන්ම අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, ඒවා බෙදාහැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම ද සපුරා තහනම් බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

කිසියම් තැනැත්තෙකු අදාළ නියෝග කඩ කරමින් කටයුතු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ළඟම ඇති පොලිස් ස්ථානය වෙත දැනුම්දෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා දැනුම්දෙයි.

The post සාමාන්‍ය පෙළ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් පණිවිඩයක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/1RUaG26
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.