Loading..

පාසල් නිවාඩු සමයේ සිදු කළ යුතු කාර්යයක් සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමතිගෙන් දැනුම්දීමක්

පාසල් නිවාඩු කාලය තුලදී පාසල් පරිශ්‍ර පිරිසිදු කර ගැනීමට දෙමාපියන් සහ පාසල් සංවර්ධන සමිති එක්ව කටයුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

පාදුක්ක ප්‍රදේශයේදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එමගින් ඩෙංගු අවදානමෙන් දරුවන් බේරා ගත හැකි බවයි.

වසර ආරම්භයේ සිට පසුගිය 09 වැනිදා දක්වා මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 31,993කි.

ඩෙංගු රෝගයේ වැඩිම ව්‍යාප්තියක් ඇති පළාත ලෙස බස්නාහිර පළාත හඳුනාගෙන ඇති අතර පසුගිය 10 වනදා වන විට බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබු සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 15,746කි.

The post පාසල් නිවාඩු සමයේ සිදු කළ යුතු කාර්යයක් සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමතිගෙන් දැනුම්දීමක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/x1owz4D
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.