Loading..

විදුහල්පති තරඟ විභාගය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

විදුහල්පති තරග විභාගය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමට 2019.02.10 වන දින පැවති සීමිත තරග විභාගය සමත් අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයට කැඳවීමට තීරණය කළ බව එම නිවේදනයේ දැක්වේ.

ඒ අනුව එම අයදුම්කරුවන්ගේ සම්මුඛ පරීක්ෂණ මැයි මස 22 වනදා සිට ජූනි 01 වනදා දක්වා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිතය.

ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු www.moe.gov.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකිය.

The post විදුහල්පති තරඟ විභාගය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/rLh86sE
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.