Loading..

ලංකාවට එන අලුත් ඉන්ධන සමාගම් ගැන ඇමති කංචන ගත් විශේෂ තීන්දුව

මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අළෙවි කිරීමේ ව්‍යාපාරයට එක්වන විදේශ සමාගම් තුනට හිවන ඉන්ධන පිරවුම්හල් 450 පිරිවුම්හල් 150 බැගින් කාණ්ඩ තුනකට වෙන්කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.  

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග දැනට කටයුතු කරන එම ඉන්ධන පිරවුම්හල් හිමියන් සමග විශේෂ සාකච්ඡාවක් කොළඹ පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී අද (5) පැවැත්විණි.

නව සමාගම් සමග ගිවිසුම්ගත වීමෙන් ඉන්ධන හල් හිමියන්ට සහ ඉන්ධන පාරිභෝගිකයන්ට හිමිවන සුබදායි ප්‍රතිඵල පිළිබඳව එහිදී දැනුවත් කර තිබේ.

මේ අවස්ථාවට විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමතිවරු වන ඉන්දික අනුරුද්ධ සහ ඩී.වී චානක යන මහත්වරු ඇතුළු විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීහූ ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. 

The post ලංකාවට එන අලුත් ඉන්ධන සමාගම් ගැන ඇමති කංචන ගත් විශේෂ තීන්දුව first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/5XTU9GC
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.