Loading..

නිවසක වහලය මතට පෙරළුණු ඉන්ධන බවුසරය (ඡායාරූප)

කොළඹ සිට හපුතලේ දක්වා ඩීසල් රැගත් තෙල් බවුසරයක් අද (06) අලුයම  2.30 ට පමණ හල්දුම්මුල්ල බත්ගොඩ ප්‍රදේශයේ දී පාරෙන් ඉවතට පැන නිවසක් මතට පෙරළීමෙන් එහි රියදුරු සහ සහයක තුවාල ලබා හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලීසිය කියයි.

බවුසරය පෙරළීමෙන් පසු ඉන් වෑහුණු තෙල් ප්‍රදේශවාසීන් විසින් එකතු කර ගන්නා අයුරු දක්නට ලැබුණි.

බවුසරය පෙරළී ඇත්තේ පස් දෙනකු නිදාගෙන සිටි නිවසක් මතට වන අතර ඔවුන් නිදා සිටි කාමරය බේරී ඇත්තේ අනූ නවයෙන් බව ප්‍රදේශවාසිහු පවසති.

ධාවනය වෙමින් තිබූ බවුසර් රථය රියදුරාට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට සැක කරන බව පොලීසිය කියයි.

The post නිවසක වහලය මතට පෙරළුණු ඉන්ධන බවුසරය (ඡායාරූප) first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/sEBU27P
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.