Loading..

දයාසිරිට දෝස්මුරයක් දමමින් දුමින්දගෙන් මෛත්‍රීට ලිපියක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියා කලාපය හෙලා දකිමින් එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා විසින් එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිටු 8 කින් යුත් ලිපියක් යොමුකර තිබෙනවා.

මහලේකම් සහ පක්ෂ සංවිධායකවරයෙකු වන දයාසිරි ජයසේකර මහතා අතර පසුගියදා සිදුවූ දුරකථන සංවාදය පිළිබඳව ද සිහිපත් කරමින් එම සංවාදයේ දී මහලේකම්වරයා තමන්ව දෝෂ දර්ශනයට ලක් කිරීම අරුමයක් නොවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා සිය ලිපියෙන් පෙන්වා දී ඇත්තේ.

එසේම, අදාළ ලිපියේ පෙන්වා දී ඇති කරුණු පක්ෂයේ දේශපාලන මණ්ඩලයට සහ මධ්‍යම කාරක සභාවට යොමුකරන ලෙස ද ඔහු, පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

The post දයාසිරිට දෝස්මුරයක් දමමින් දුමින්දගෙන් මෛත්‍රීට ලිපියක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/UEnM1qQ
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.