මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 250කින් පහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.
ඊයේ රැස්වූ ශ්‍රි ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 13ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 14ක් දක්වා අඩු කිරීමට තීරණය කර තිබේ.
බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් උද්ධමනය අඩුවීම සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බව අදාළ නිවේදනයේ සඳහන් වෙයි.
The post පොලී අනුපාත පහත දැමීමට මහ බැංකුව තීරණය කරයි! නව පොලී අනුපාතයන් මෙන්න! first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/05lyfL2
via IFTTT


