Loading..

තරුණයෙකුගේ මරණයක් හේතුවෙන් මාතර රෝහල ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

පසුගිය 09 වනදා පස්වරුවේ මාතර කොටවිල රෝහල ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්විණි.

තරුණයෙක් මියයාමේ සිද්ධියක් මුල්කරගනිමින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.

අදාළ තරුණයා මියගොස් තිබුණේ යතුරුපැදියක් මතට ගසක් කඩාවැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙනි.

කෙසේවෙතත් විරෝධතාවයේ නිරත වූ පිරිස පැවසුවේ කොටවිල රෝහලේ නොසැලකිල්ල මෙම මරණයට හේතුවූ බවය.

ඔවුන් චෝදනා කරමින් පැවසුවේ ප්‍රථමයෙන් කොටවිල රෝහලට රැගෙන ආ තුවාල ලැබූ තරුණයාට ප්‍රකිකාර කිරීම ප්‍රතික්ෂේප කළ බවය.

එසේම රෝහල් බලධාරීන් විසින් තුවාල ලැබූ තරුණයා ප්‍රතිකාර සඳහා මාතර රෝහල වෙත රැගෙන යාමට ගිලන් රථයක් හෝ නොදුන් බවද විරෝධතාකරුවන් පවසයි.

The post තරුණයෙකුගේ මරණයක් හේතුවෙන් මාතර රෝහල ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/bM2w7TS
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.