Loading..

ඉන්දියාවේ බලපෑම් ඉහළට! කඩිනමින් පවත්වත මැතිවරණයක් පිලිබඳව බැසිල්ගෙන් පොහොට්ටුවේ සංවිධායකවරුන්ට දැනුම්දීමක්!

පළමු පැමිණෙන්නේ ජනාධිපතිවරණයක් නොව පළාත් සභා මැතිවරණයක් බව පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබෙනවා.

ඊයේ (09) නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ දී පොහොට්ටුවේ සමස්ථ ලංකා හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ගෙන් රැස්වීමකදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අනුව වහාම ඊට සැලසුම් සහිතව සුදානම් වන ලෙස බැසිල් රාජපක්ෂ මහතා හිටපු මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබෙනවා.

ඉන්දීය බලපෑම මත ජනාධිපතිවරයා මෙසේ පළමුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තීරණය කර ඇති බව බැසිල් රාජපක්ෂ විසින් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

The post ඉන්දියාවේ බලපෑම් ඉහළට! කඩිනමින් පවත්වත මැතිවරණයක් පිලිබඳව බැසිල්ගෙන් පොහොට්ටුවේ සංවිධායකවරුන්ට දැනුම්දීමක්! first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/bze9Yn0
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.