Loading..

විවාහ මංගල්‍ය උත්සවයක් නිසා වසා දැමුණු උසාවිය

අධිකරණ යතුරු ලේඛිකාවකගේ විවාහ මංගල්‍ය උත්සවයක් හේතුවෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 06 අධිකරණය වසා දැමීම නිසා නඩු කටයුතු සඳහා පැමිණි ජනතාව ඊයේ (01 වැනිදා) මහත් අසීරුතාවට පත්විය.

එම අධිකරණයේ රාජකාරී කරන සියලුම දෙනා යතුරු ලේඛිකාවගේ විවාහ මංගල්‍ය උත්සවයට සහභාගි වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී තිබෙන අයුරු දක්නට ලැබිණි.

අදාළ අධිකරණ ශාලාව ඉදිරිපිට ‘‘අද දින අංක 06 අධිකරණයේ මෝසම් නඩු නොකැඳවන බව මෙයින් කාරුණිකව දන්වා සිටිමි. අධිකරණයේ අණ පරිදි’’ යනුවෙන් සඳහන් දැන්වීමක්ද අලවා තිබෙනු දක්නට ලැබිණ.

මේ සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිස්ටාර්ගෙන් කළ විමසීමේදී ඔහු දන්වා සිටියේ අංක 6 අධිකරණයේ කාර්යය මණ්ඩලය නිවාඩු දමා විවාහ මංගල්‍යය උත්සවයකට ගොස් තිබෙන බව දන්නා බවයි.

සාමාන්‍යයෙන් උදෑසන 09 ට පෙර අධිකරණය වෙත මෝසම් ගොනු කළ යුතු වුවත් මෙම තත්ත්වය හේතුවෙන් පෙරවරු 11 දක්වා මෝසම් ගොනු කිරීමට නීතිඥවරුන්ට ඊයේ අවස්ථාව දී තිබිණි.

එම අංක 06 අධිකරණයේ මෝසම් නඩු අංක 02 අධිකරණය හමුවේ ඊයේ දහවල් කැඳවනු ලැබිණි.(source – aruna)

The post විවාහ මංගල්‍ය උත්සවයක් නිසා වසා දැමුණු උසාවිය first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/v9ug2py
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.