සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා පිල අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී හෙට (04) පැවැත්වීමට නියමිතව තිබේ.
එම තරගයේදී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් කිහිපයක් සිදුවීමට ද නියමිත බව වාර්තා වෙයි.
තරග 3කින් සමන්විත මෙම එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය කඩුලු 6කින් ජය ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විය.
ඒ අනුව, මෙම තරගාවලියේ 1-0 ලෙස පෙරමුණ ගෙන සිටින්නේ ඇෆ්ගනිස්තාන කණ්ඩායමය.
තරගාවලිය පිළිබඳව බලාපොරොත්තු රඳවාගැනීමට නම් ශ්‍රී ලංකා පිල හෙට තරගය අනිවාර්යයෙන් ජයගත යුතුය.
හෙට තරගය සඳහා ආබාධයකට ලක්වූ ළහිරු කුමාර වෙනුවට දුෂ්මන්ත චමීර කැඳවා ඇති අතර දුෂාන් හේමන්ත වෙනුවට වනිඳු හසරංග හෙට තරගයට ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වෙයි.
එමෙන්ම හෙට තරගයේදී මහීෂ් තීක්ෂණටද අවස්ථාවක් හිමිවනු ඇතැයි වාර්තා වෙයි.
ඇෆ්ගනිස්තාන – ශ්‍රී ලංකා දෙවන එක්දින ක්‍රිකට් තරගය හෙට පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතය.
The post වෙනස්කම් රැසක් සමගින් අද තරගයට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායම first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/9eSafnY
via IFTTT


