Loading..

ටයටන සබමරනය පපර ගය බව තහවර වය

සාගර පත්ලේ ඇති ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා අඩි 13,000ක් කිමිදෙමින් සිටි ටයිටන් සබ්මර්සිබල් යානයේ “ව්‍යසනකාරී පිපිරීමකින්” එහි ගමන්ගත් පස් දෙනා මිය ගිය බවට විශ්වාස කරන බව ඇමරිකානු වෙරළාරක්ෂක නිළධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

ඔවුන් මේ බව හෙළි කළේ දින පහක් තිස්සේ සිදු කළ සෝදිසි මෙහෙයුමේදී ටයිටැනික් නෞකාවේ සිට අඩි 1,600 ක් පමණ දුරින් සාගර පත්ලේ දී ටයිටන් සබ්මර්සිබල් යානයේ වලිගය වැනි කොටස සහ අනෙකුත් සුන්බුන් සොයා ගැනීමෙන් පසුවයි.

මෙම සනාථකර ගැනීමත් සමඟ එය සොයා දියත් කළ මෙහෙයුම් කටයුතු මේ වන විට අවසන් කර අතිඕ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

ටයිටන් සබ්මැරීනය පුපුරා ගියේ කවදාදැයි කීම තවමත් ඉක්මන් වැඩි බවයි වෙරළාරක්ෂක අණදෙන නිලධාරි ජෝන් මෝගර් පැවසුවේ.

The post ටයිටන් සබ්මැරීනය පිපිරී ගිය බව තහවුරු වෙයි first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/8HA5gbV
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.