Loading..

රනජන රමනයකට වරනත

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට මහනුවර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ ඔහුට එරෙහිව පවතින නඩුවකට අද (21) ඉදිරිපත් නොවීම හේතුවෙන්.

කාන්තාවක විවාහ කර ගන්නා බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 10 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2010 වසරේ දී රංජන් රාමනායක මහතාට එරෙහිව මහනුවර විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් ගොනු කරන ලද නඩුවක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී උසාවියේ පෙනී නොසිටීම හේතුවෙන් මහනුවර අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රාෆි මහතා විසින් රංජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කරමින් අදාළ නඩුව සැප්තැම්බර් මස 06 වැනි දිනට කල් තැබීය.

කටුගස්තොට ප්‍රදේශයේ ගුරුවරියක විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව එම නඩුව ගොනු කර තිබුණි.

The post රන්ජන් රාමනායකට වරෙන්තු first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/EHJ2pQs
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.