ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තරග පැවැත්වෙන සිම්බාබ්වේහි හරාරේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඊයේ(21) රාත්‍රී කාලයේ දී ගින්නක් හට ගෙන තිබෙනවා.
සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය සදහන් කරන්නේ අදාළ බළධාරීන්ගේ කඩිනම් මැදිහත් වීම හේතුවෙන් ගින්නෙන් ක්‍රීඩාංගනයට හානියක් සිදු වීම වළක්වා ගැනීමට සමත් වූ බවය.
ගින්න මැඩ පැවැත්වීමෙන් අනතුරුව ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් හා සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය විසින් මේ පිළිබද පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව තරගාවලියේ ඉතිරි තරග පැවැත්වීම සදහා ක්‍රීඩාංගනය සුදුසු මට්ටමක පවතින බවට තීරණය කර තිබෙනවා.
මෙතෙක් ගින්නට හේතුව කුමක්දැයි යන්න අනාවරණය කරගෙන නොමැති බවයි වාර්තා වන්නේ.
තරගාවලිය යටතේ මූලික වටයේ තවත් තරග 3ක්, සුපිරි හය වටයේ තරග 4 හා අවසන් මහා තරගය හරාරේ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය.
The post එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලිය පවත්වන හරාරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ගින්නක් first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/2sVAC7i
via IFTTT


