Loading..

දවයනට පමණන ජනපත රනලට සනයපර පරහරයක අවධනමක! ආරකෂව දඩ කරන ලස නයගයක!

දැනට විදෙස්ගතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත දිවයිනට පැමිණෙන විට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් නියෝගයක් ලබාදී තිබෙනවා.

බස්නාහිර පළාත උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඔහු මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ ලිපිය මඟින් දේශබන්දු තෙන්නකෝන් මහතා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා යළි දිවයිනට පැමිණෙන අවස්ථාවේදී විරුද්ධ දේශපාලන මත දරන්නන් විසින් ඔහුගේ ප්‍රභූ රථ පෙළට යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු කිරීමට ඇති ඉඩකඩ ඇති බවයි.

තවද සන්නද්ධ කණ්ඩායම් විසින් ප්‍රහාරයක් එල්ල කිරීමට ඇති හැකියාව, ස්නයිපර් ප්‍රහාරයක් එල්ල විය හැකි අවදානම, මහජන කැළඹීම් සහ උද්ඝෝෂණ ඇතිවීමේ ඉඩකඩ ඇතුළුව කරුණු හයක් සම්බන්ධව අවදානමක් ඇති බවද ඔහු සිය ලිපියෙන් අවධානරණය කර තිබෙනවා.

මේ අතර එළැඹෙන 26 වන සඳුදා වත්මන් පොලිස්පති C.D. වික්‍රමරත්න මහතාගේ නිල කාලය අවසන් වන අතර ඒ සදහා තියුණු තරඟයක් මේ වන විට පවතිනවා.

(උපුටාගැනීම – news19 වෙබ් අඩවියෙනි)

The post දිවයිනට පැමිණෙන ජනපති රනිල්ට ස්නයිපර් ප්‍රහාරයක අවධානමක්! ආරක්ෂාව දැඩි කරන ලෙස නියෝගයක්! first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/hXLIKnH
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.