Loading..

දරවන දස දහසකට මලව එළය දකමට වර දන හද සහයරය

වසර 33ක කාලයක් සෞඛ්‍ය වෘත්තීයේ යෙදී මෑතකදී විශ්‍රාම ගිය ඉන්දියාවේ හෙද නිලධාරිනියක වන කතිජා බීබී විසින් සාර්ථක දරු ප්‍රසූති 10,000කට වැඩි ප්‍රමාණයක් අධීක්ෂණය කිරීම හේතුවෙන් ඇයට ඉන්දීය රජයෙන් සම්මානයක් ලබා දී ඇත.

තමාගේ දායකත්වයෙන් බිහිකළ ළදරුවන් 10,000න් කිසිවෙක් මිය නොයෑම ගැන ආඩම්බර වන බව 60 හැවිරිදි කතීජා සඳහන් කරයි.

ඇයගේ වසර ගණනාවක සේවා කාලය තුළ කිසිදු මරණයක් වාර්තා නොවූ නිසා ඇයට මෙම සම්මානය ලබාදුන් බව ප්‍රාන්ත සෞඛ්‍ය ඇමැති මා. සුබ්‍රමනියන් බීබීසීයට පවසා ඇත.

ඇය තමිල්නාඩුවේ රජයේ සෞඛ්‍ය මධ්‍යස්ථානයක දශක තුනකට අධික කාලයක් සේවය කර ඇත.

කතිජාට හෙදියක් වීමට කැමැත්ත ඇති වී ඇත්තේ හෙදියක් වූ ඇගේ මව නිසා බවත්, කුඩා කළ සිටම සිරින්ජර සමඟ සෙල්ලම් කළ බවත්, ඇය සඳහන් කරයි.

දිළිඳු හා අර්ධ සාක්ෂරතාවයෙන් යුත් ග්‍රාමීය කාන්තාවන්ට සෞඛ්‍ය සේවය සැපයීමේදී තම මවගේ කාර්යයේ වැදගත්කම කුඩා කල සිටම ඇය තේරුම් ගෙන ඇති අතර, එකල පෞද්ගලික රෝහල් දුර්ලභ වූ නිසා, වර්තමානයේ ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ලෙස හඳුන්වන රජයේ මාතෘ නිවාසය මත සෑම තරාතිරමකම කාන්තාවන් විශ්වාසය තැබූ බව ද ඇය පවසයි.

ඇය සේවය ආරම්භ කරන අවදියේ එක් වෛද්‍යවරයෙක්, සහායකයන් හත්දෙනෙක් සහ තවත් හෙදියන් දෙදෙනෙක් සිටි බවත්, පළමු වසර කිහිපය තුළ වැඩ සමඟ කාර්යබහුල වූ නිසා තමන්ගේ දරුවන් බලාගැනීමටද නොහැකි වුවද ඉන් බොහෝ අත්දැකීම් ලබා ගත් බවත්, කතිජා වැඩිදුරටත් සඳහන් කරයි.

The post දරුවන් දස දහසකට මෙලොව එළිය දැකීමට වාරු දුන් හෙද සොහොයුරිය first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Y4Qo0z2
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.