Loading..

විදුහල්පතිවරයගේ හා ගුරිවරියගේ ක්‍රියා කලාපය නිසා දිවි නසා ගැනීමට උත්සහ කළ සිසුවිය

මෙම වසරේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගයේ අයදුම්පත්‍රයට විදුහල්පතිවරයා සහ පන්තිභාර ගුරුවරිය අත්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සිත් තැවුලට පත්වූ පාසල් සිසුවියක් ඖෂධ අධිමාත්‍රාවක් පානය කර සියදිවි නසා ගැනීමට උත්සාහ කර තිබෙනවා.

මහනුවර – පන්විල නාරම්පනාව ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියකුයි මෙලෙස සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇත්තේ. ඇය මේ වනවිට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

උසස් පෙළ විභාගයේ අයදුම්පත්‍රය අත්සන් කර ගැනීමට අවස්ථා කිහිපයකදී විදුහල්පතිවරයා සහ පන්තිභාර ගුරුවරිය හමුවීමට උත්සාහ කර ඇති අතර එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනුයි ඇය සිත්තැවුලට පත්ව ඇත්තේ.

පසුව සිසුවිය නිවස තුලදී ඖෂධ අධිමාත්‍රාවක් පානය කර ඇති අතර, ඒ වනවිට ඇගේ දෙමව්පියන් ද නිවසෙහි සිට ඇති බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් විදුහල්පතිවරයාගෙන් සහ පන්තිභාර ගුරුවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවයි පොලීසිය සදහන් කළේ.

The post විදුහල්පතිවරයගේ හා ගුරිවරියගේ ක්‍රියා කලාපය නිසා දිවි නසා ගැනීමට උත්සහ කළ සිසුවිය first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/KDTY40l
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.