Loading..

ශ්‍රී ලාංකිකයින් 62ක් කුවේට් රාජ්‍යයෙන් පිටුවහල් කරයි

කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් ඇතුළු 62 දෙනෙකු එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ එරටින් පිටුවහල් කර තිබේ.

මෙම පිරිස අද (28) අලුයම 5.00ට කුවේට් රාජ්‍යයේ සිට පැමිණි අල් ජසීරා ගුවන් සේවයේ ජේ – 9555 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

මොවුන් ගෘහ සේවය සඳහා ගිවිසුම් ගත නිවෙස්වලින් පලා ගොස්, කුවේට් රාජ්‍යයේ තාවකාලික නේවාසිකාගාරවල රැදී සිටිමින් විවිධ රැකියා ස්ථානවල සේවයේ නිරත වෙමින් වීසා නොමැතිව නීති විරෝධී ලෙස රැදී සිටි ඇති බව වාර්තා වේ.

The post ශ්‍රී ලාංකිකයින් 62ක් කුවේට් රාජ්‍යයෙන් පිටුවහල් කරයි first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/KyXWVoZ
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.