ජනාධිපතිවරණය ලබන වසරේ පැවැත්වීමට තීරණය කර ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි.
ජනාධිපතිවරණය ලබන වසර අවසානයේ පැවැත්වීමට නියමිතව තිබුණ ද එය ලබන වසරේ මුල් කාර්තුව තුළ පැවැත්වෙනු ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ.
ඒ සඳහා ලබන වසරේ අය – වැයෙන් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
මැතිවරණ කොමිෂන් සභාවට අලුතින් පත් වූ සභාපති ආර්.එම්.එල්. රත්නායක ඇතුළු කොමිෂන් සභාවේ නිලධාරීන් ඉකුත් සතිඅන්තයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැඳවා ජනාධිපතිවරණය පිළිබඳව සාකච්ඡා කර ඇති බවද වාර්තා වේ.
ලබන වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා කොපමණ මූල්‍ය ප්‍රතිපාදන අවශ්‍ය වෙනවා දැයි කොමිසමෙන් විමසා ඇති ජනාධිපතිවරයා මේ වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සූදානම් කර ගැනීමට සිදුවන බව සඳහන් කර තිබේ.
එම මුදල් අය – වැය ලේඛනයට ඇතුළත් කර වෙන් කරගත යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබේ.
අදාළ ඇස්තමේන්තු සකස් කර හැකි ඉක්මනින් ලබා දෙන බව මැතිවරණ කොමිසමේ නිලධාරීන් මෙහිදී ප්‍රකාශ කර ඇත.
එය කඩිනමින් මුදල් අමාත්‍යංශය වෙත යොමු කරන ලෙස දැනුම් දී ඇති ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කරන ලෙසට ද උපදෙස් දී තිබේ.
නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු හා මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටි බව වාර්තා වේ.(මව්බිම)
The post හදිසි ජනපතිවරණයක්! මුදල් ඇස්තමේන්තුව හදන ලෙස ජනපතිගෙන් උපදෙස්! first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/umLBNjY
via IFTTT


