Loading..

කලගණයන අවවදතමක නවදනයක

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. 

ඒ අනුව ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා සැලකිලිමත් වන්නැයි දැනුම් දී තිබේ.

එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 60 – 70 දක්වා වැඩි විය හැකි අතර මුහුදු රළ උස මීටර් 2.5 – 3ත් අතර ඉහළ යා හැකි බව කාලගුණ අංශ නිවේදනය කරයි.

මුහුදු ප්‍රදේශය රළු වන අතර විටින් විට ඉතා රළු වේ.

එම මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීම අවදානම් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

The post කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/CF614p2
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.