Loading..

මයගය බරඳග දහය ශතකරණය තළ බහ තබගත සමය

මියගිය සිය බිරිඳගේ සිරුර දින කිහිපයක් පුරා ශීතකරණයේ සඟවා තබා ගත් පුවතක් ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා.

ඇයගේ අවසන් කටයුතු සඳහා මුම්බායි සිට පුතා පැමිණෙන තෙක් මෙසේ මළ සිරුර සඟවා තබා ගත් බවයි පොලිසිය හමුවේ අදාළ සැකකරුවා පාපොච්චාරණය කර ඇත්තේ.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම කාන්තාව පසුගිය සිකුරාදා දිනයේ මියගොස් ඇති බවත් මෙම සිදුවීම අනාවරණය වන තෙක් සැකකරු ඇයගේ දේහය සඟවා තබා ගෙන ඇති බවත් ය.

මිය ගිය කාන්තාවගේ සහෝදරයා චෝදනා කරන්නේ තම සහෝදරිය සැකකරු විසින් ඝාතනය කර අති බවයි.

තම බිරිඳ සෙංමාලය වැළදීමෙන් ජීවිතක්ෂයට පත් වූ බව පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

The post මියගිය බිරිඳගේ දේහය ශීතකරණය තුළ බහා තබාගත් සැමියා first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/eH0X9yz
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.