Loading..

පොලිස් නිළධාරීන් පිරිසකට වටකර පහර දෙයි

උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් අහංගම වෙදගෙවත්ත, තිත්තගල්ල ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් වැටලීමකට ගිය අවස්ථාවේදී ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

නීතිවිරෝධී මත්පැන් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලිස් ජීප් රථයේ නංවාගෙන පොලීසියට ගෙන ඒමට උත්සාහ දැරීමේදී කණ්ඩායමක් විසින් පොලිස් නිලධාරීන්ට පොලු මුගුරුවලින් සහ ගල්වලින් ප්‍රහාර එල්ල කර ඇත.

එම පහරදීමෙන් තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයෙක් තුවාල ලබා ගෝනගහහේන ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

එම පහරදීමෙන් ජීප් රථයේ පිටුපස වීදුරුවට අලාභ සිදුවී තිබේ.

මෙම පහරදීම සම්බන්ධයෙන් එකම පවුලේ හය දෙනෙකුගෙන් යුත් පිරිසක් අත්අඩංගුවට ගත් බවද වැඩබලන මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර සදහන් කරයි.

The post පොලිස් නිළධාරීන් පිරිසකට වටකර පහර දෙයි first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/58pRgbw
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.