Loading..

ජනතාව ජීවන බරින් මිරිකෙද්දී මන්ත්‍රීවරුන් 225ටම බදු නැති සුඛෝපභෝගී වාහන ?

නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් දෙසීය විසිපහටම තීරු බදු රහිත වාහන ගෙන්වීමට පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඉල්ලා ඇතැයි මුදල් අමාත්‍යාංශ උසස් නිලධාරියෙක් පැවසීය.

2019 වසරින් පසු පැතිරගිය කොරෝනා වසංගතයත්, ආර්ථික අර්බුදයත් නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි තීරු බදු රහිත වාහන ආනයනය කිරීමේ බලපත්‍ර අහිමි වී ඇතැයි නවක මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

2020 පැවැති මහ මැතිවරණයෙන් පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් අසූවකට ආසන්න පිරිසකට එම හිමිකම අහිමි වී ඇතැයි ද මෙම මන්ත්‍රී පිරිස කියා තිබේ.

ලබන වසරේ (2024) බොහෝවිට මැතිවරණ වසරක් වීමට හැකි බවත් ඒ නිසා ගම්බිම්වලට යෑම ඒම සඳහා සුදුසු වාහනයක් නොමැති බවත් මේ පිළිබඳ කළ විමසීමකදී පාර්ලිමේන්තුවට පත්වූ නවක මන්ත්‍රීවරු කිහිපදෙනෙක් කියා සිටියහ.
(දිවයින – ශිරාන් රණසිංහ)



from TODAY NEWS LK https://ift.tt/pExWtyn
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.