Loading..

නරක් වූ කුකුල් මස් රුපියල් 35ට අරන් 800ට විකුණලා

හෙට්ටිපොළ ගිරාතලාන ප්‍රදේශයේ සිදුකල වැටලීමකින් මියගිය කුකුලන්ගේ මස් පාරිභෝගිකයන්ට විකුණන ජාවාරමක් කොටු කර ගැනීමට පාරිභෝගික විමර්ශන විශේෂ ඒකකය සමත් වී තිබෙනවා.

හෙට්ටිපොළ අවට මහා පරිමාන කුකුල් පොළවල් වලින් දිනපතා මියයන සතුන් රුපියල් 35 බැගින් ඌරන්ගේ කෑම සඳහා යයි කියමින් මිලදී ගන්නා කූට ව්‍යාපාරිකයන් රු.800ක මිලට අවන්හල්වලට සහ පාරිභෝගිකයන්ට විකුණන බව සඳහන්

අත්අඩංගුවට ගත් මේ ජාවාරම්කරුවන් හෙට්ටිපොළ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම ජාවාරම්කරු දෛනිකව කිලෝ දෙසීයකට ආසන්න ප්‍රමාණයක් මැරිච්ච සතුන් ගෙන විත් අධි ශීතකරණයේ දමා විකුණූ බව පිළිගෙන තිබෙනවා.

මහා පරිමාණ ගොවිපල හිමියන් ඌරන් සඳහා මෙම මැරිච්ච සතුන් ඉවත් කිරීමේදී නැවත පාරිභෝජනයට ලබාගත නොහැකි ආකාරයට ලබා දීමට කටයුතු කරන්නේ නම් මෙවැනි ජාවාරම්කරුවන්ට මෙවැනි ව්‍යාපාර කිරීමට ඉඩකඩ අහුරා ලිය හැකි බව පාරිභෝගික විමර්ශන නිලධාරීන් පවසනවා.

පාරිභෝගික විමර්ශන නිලධාරීන් පවසන්නේ මෙම සතුන් බොහෝ විට වෛරස් රෝග වලින් හා අධික රුධිර පීඩනයෙන් මැරෙන බවත් අසාමාන්‍ය රතුපාට කින් යුතු වීම මෙවැනි කුකුළු මස් වල විශේෂත්වය බවයි.



from TODAY NEWS LK https://ift.tt/Vz4t09Q
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.