කොළඹ ජාතික රෝහලේ ගොඩනැගිලි රැසකට ඊයේ පෙරවරු 10 සිට පැය 8කට වැඩි කාලයක් විදුලිය විසන්ධි වී තිබේ.
ඒ හේතුවෙන් රෝගීන් වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය දැඩි අපහසුතාවයට පත්ව ඇත.
අභ්‍යන්තර දුරකථන පද්ධතිය හා වායු සමීකරණ පද්ධතිය ද අක්‍රීය වී ඇත.
ඒ හේතුවෙන් වෛද්‍යවරුන්ද රෝගීන්ද දැඩි අපහසුතාවයට පත්ව ඇති අතර ශල්‍යාගාරයේ වෛද්‍යවරුන් තමන් නිරතවී සිටි සැත්කම් විදුලිපන්දම් ආධාරයෙන් ද සිදු කර තිබේ.
විදුලි බිඳ වැටීමත් සමඟම ලේ බැංකුවේ කටයුත්ත ද පැය ගණනාවකට ඇණ හෙට තිබිණි.
දැඩි සත්කාර ඒකකවල යන්ත්‍ර බැටරි බලයෙන් ක්‍රියාත්මක කිරීමට සිදුව තිබිණි.
ජාතික රෝහලේ නඩත්තු අංශයේ පරිපාලන නිලධාරීන් නව දෙනෙකු සේවය කරන අතර මෙම විදුලි බිඳවැටීම සිදුව ඇත්තේ ඔවුන් සේවයේ සිටියදී ය.
from TODAY NEWS LK https://ift.tt/kZ75Ux1
via IFTTT


