ගායන ශිල්පිනී උමාරා සිංහවංශ විසින් ජාතික ගීය නිවැරදි නොවන ආකාරයට ගායනා කර ඇත් ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව විසින් ජාතික ගීය ගායනා කිරීම පිළිබඳ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වාදීමට යෝජනා කර තිබේ.
ඔවුන් මේ සම්බන්ධයෙන් යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව ජාතික ගීය ගායනා කළ යුතු ආකාරය පිළිබඳ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර එය පාර්ලිමේන්තුව ඔස්සේ සම්මත කරගැනීම මෙමගින් යෝජනා කර ඇති බව සඳහන් ය.
ඊට හේතුවී ඇත්තේ මෙරට ජාතික කොඩිය භාවිත කළ යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ සඳහන්ව තිබුණ ද ජාතික ගීය ගායනයේදී මධ්‍ය ස්වරයෙන් ගායනා කළ යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පමණක් සඳහන්ව තිබීම ය.
කෙසේවෙතත් උමාරා සිංහවංශ ජාතික ගීය උච්ඡ ස්වරයෙන් ගායනා කර ඇති බවට කමිටුව විසින් හදුනාගෙන ඇති අතර එය ඇය විසින් ද පිළිගෙන තිබේ.
විමර්ශන කණ්ඩායම විසින් මීට අදාළ වාර්තාව පසුගියදා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා වෙත භාරදී ඇත.
from TODAY NEWS LK https://ift.tt/2IUcCn6
via IFTTT


