Loading..

ගෑස් මිල සංශෝධනය අද

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද සංශෝධනය කිරීමට නියමිතව තිබෙනවා.

ලෝක වෙළඳපොළේ ගෑස් මෙටිරක් ටොන් එකක මිල ඉහළ ගොස් ඇති බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසීය.

වසරේ මේ දක්වා අවස්ථා 04 කදී ගෑස් මිල සංශෝධනය වූ අතර ඒ සෑම අවස්ථාවකදීම මිල අඩු කෙරුණා.

අවසන්වරට ගෑස් මිල පහත දමනු ලැබුවේ පසුගිය මස 04 වනදායි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12 යි දශම 05 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 204 කින් අඩුවූ අතර මේ වන විට එම සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 2,982ටයි.

එමෙන්ම කිලෝග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 83 කින් අඩුවූ අතර මේ වන විට එම සිලින්ඩරය රුපියල් 1,198 කට අලෙවි වනවා.

කිලෝග්‍රෑම් 2 යි දශම 3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 37 කින් අඩුවී මේ වන විට අලෙවි වන්නේ රුපියල් 561ටයි.

The post ගෑස් මිල සංශෝධනය අද first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/ZFLpkab
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.