2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ සදහා තවත් දින දෙකක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙකු ආබාධයකට ගොදුරුව තිබෙනවා.
ඒ වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුෂංකයි.
තරගාවලියේ ආරම්භයට පෙර ආබාධයන්ට ගොදුරුව ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් වු 4 වැනි ක්‍රීඩකයා වන්නේ ඩිල්ෂාන් මධුෂංකයි.
මීට පෙර වනිඳු හසරංග ,දුෂ්මන්ත චමීර සහ ලහිරු කුමාර ද ආබාධයන්ට ගොදුරු තරගාවලියෙන් ඉවත් වුණා.
තවද,කුසල් ජනිත් පෙරේරාට සහ අවිශ්ක ප්‍රනාන්දුට කොවිඩ් ආසාදනය වීම නිසා ඔවුන් දෙදෙනා තරගාවලියට එක්වීම අවිනිශ්චිත වී තිබෙනවා.
කෙසේවෙතත් ඔවුන් දෙදෙනා තරගාවලියේ ආරම්භයට පෙර සුව වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විශ්වාසය පළ කරනවා.
ආසියානු කුසලානය අනිද්දා පාකිස්ථානයේදී ආරම්භ වීමට නියමිත අතර ශ්‍රී ලංකා කණ්ඩායම එක්වන පළමු තරගය මෙම මස 31 වැනිදා බංග්ලාදේශ සමග පල්ලෙකැලේදී පැවැත්වීමට නියමිතයි.
from TODAY NEWS LK https://ift.tt/Kj1QMUs
via IFTTT


