Loading..

සියලුම ගුරුවරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක නොකරන ගුරුවරුන්ගේ වැටුප් අත්හිටුවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය සඳහන් කළේ, ස්ථාන මාරු නියෝග අනුව කටයුතු කරන්නැයි අවස්ථා කිහිපයකදීම ඔවුන් දැනුවත් කර ඇති බවයි.

එහෙත් ඒ පිළිබඳ තැකීමකින් තොරව ඔවුන් තමා පෙර සිටි පාසල්වලම සේවය කරන බවට පැමිණීලි ලැබී ඇති බව අමාත්‍යාංශය පැවසුවේ ය.

කෙසේ වෙතත් ඇතැම් ගුරුවරුන් සේවා අවශ්‍යතාව මත දැනට සිටින පාසල්වලම රඳවා ගැනීමට විදුහල්පතිවරුන් ඉල්ලීම් කර ඇති අතර එවැනි ගුරුවරුන්ට මෙම තීරණය බලාත්මක වන්නේ නැහැ.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, අතිරික්ත ගුරුවරුන් සිටින පාසල්වලින් හිඟව පවතින පාසල්වලට අනියුක්ත කිරීමේ වැඩපිළිවෙලක්ද මේ වනවිට ක්‍රියාත්මක බවයි.

පවතින ගුරු පුරප්පාඩු පිළිබඳ සැලකිල්ලට ලක් කර මෙම තීරණය ක්‍රියාත්මක බව අමාත්‍යාංශය පැවසුවේ ය.



from TODAY NEWS LK https://ift.tt/oAXJ0Le
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.