Loading..

බොන වතුර මල්වලට දාන්න එපා

වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ජල මූලාශ්‍රවල ජල ප්‍රමාණය වියළි කාලගුණයත් සමග ක්‍රමයෙන් අඩුවන බැවින්,පානීය ජලය බෙදාහැරීමේදී ගැටලුවක් ඇති නොවීම සඳහා මහවැලි, වාරිමාර්ග අංශ සමග සාකච්ඡා කර ජලය සපයාගෙන ජලය බෙදාහැරීමේ කටයුතු සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී (සාමූහික සැලසුම්) ලසන්ත වීරසේකර පැවසීය.

පානීය ජලය සැපයීම සම්බන්ධයෙන් විශාල ගැටලු තත්ත්වයක් තවමත් ඇතිවී නොමැති බවත්, මණ්ඩලයෙන් සපයන පානීය ජලය වාහන සේදීම, මල් ඇතුළු පැළවලට යෙදීමට භාවිත නොකරන ලෙස ජල පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින බවත් ඔහු පැවසුවේය. එමෙන්ම, ස්නානය කිරීම ආදී කටයුතුවලදී වතුර මල් (ෂවර්) හෝ නිවස ආසන්නයේ ගංගා, ඇළ දොළ ඇත්නම් එම ස්ථාන භාවිත කිරීම නිසා පානීය ජලය පිරිමසා ගතහැකි බවද ඔහු සඳහන් කළේය. ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම නිසා ගෘහස්ථ ජල බිල වූවත් අඩුකර ගැනීමේ හැකියාව පවතින බවත් අතිරේක සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් කීවේය.

The post බොන වතුර මල්වලට දාන්න එපා first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/aVYTvHr
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.