පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ පාරිභෝගික ජල සබඳතා 69,220ක ප්‍රමාණයකට මුර ක්‍රමය යටතේ ජලය ලබා දීමට පියවර ගෙන ඇති බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අනෝජා කළුආරච්චි මහත්මිය සඳහන් කළේ, මුර ක්‍රමය යටතේ ජලය සැපයෙන අවස්තාවල දී ඉල්ලුම වැඩි වූ විට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවයි.
වියළි කාලගුණික තත්ත්වය අඛණ්ඩව පැවතිය හොත් දැනට අවදානමට ලක් නොවූ ජල මූලාශ්‍ර ද අවදානමට ලක්විය හැකි බව අනෝජා කළුආරච්චි මහත්මිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
from TODAY NEWS LK https://ift.tt/3vci75m
via IFTTT


