Loading..

ප්‍රධාන මෙහෙණියගේ කරදර ඉවසාගත නොහැකිව බාලවයස්කාට මෙහෙණින් වහනසේලා තිදෙනෙක් පැන යති

මිනුවන්ගොඩ, බොරළුවත්ත ප්‍රදේශයේ පිහිටි මෙහෙණි ආරාමයක සිට අතුරුදන් වූ බාලවයස්කාර මෙහෙණින් මෙහෙණින් වහන්සේ තිදෙනා නුවරඑළිය පොලිසිය මගින් මඟින් සොයාගෙන තිබෙනවා.

වයස අවුරුදු 12, 15, 18 යන වයස්වල පසුවන මෙම මෙහෙණින් වහන්සේ තිදෙනා ඉකුත් (24) දින සිට මෙහෙණි ආරාමය සිටි වයස අවුරුදු (32) ක කාන්තාවක් සමග අතුරුදන්ව ඇති බවට මිනුවන්ගොඩ පොලිසියට මවුපියන් පැමිණිලි කළ බව පොලිස් මූලස්ථානය පවසනවා.

සැකකාර කාන්තාව නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මෙහෙණින් වහන්සේ නුවරඑළිය ඇගේ ඥාති නිවෙසකට රැගෙන ගොස් සිටියදී එම නිවැසියන් මෙහෙණින් වහන්සේ තිදෙනා සහ කාන්තාව පෙරේදා (26) නුවරඑළිය පොලිසියට බාර දී තිබෙනවා.

ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ ආරාමයේ සිටින ප්‍රධාන මෙහෙණින් වහන්සේගේ කරදර නිසා කාන්තාව සමඟ පැමිණි බවයි.

සැකකාර කාන්තාව සහ මෙහෙණින් වහන්සේ තිදෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා මිනුවන්ගොඩ පොලිසියට භාර දී තිබෙනවා.



from TODAY NEWS LK https://ift.tt/0pyhHB3
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.