Loading..

පෙරහැරේ ගමන් කළ රදම් කරත්තය අධිබලැති විදුලි රැහනක ගැටී දෙදෙනෙක් මරුට

නමුණුකුල බූටා වත්තේ වාර්ෂික රදම් පෙරහැරේ රදම් කරත්තය අධිබලැති විදුලි රැහනට පැටලීම නිසා විදුලි සැර වැදුණ පුද්ගලයන් දෙදෙ‍නෙක් ජීවිතක්ෂයට පත්වී තවත් තිදෙනෙක් තුවාල ලබා පස්සර දිසා රෝහලට ඇතුලත් කළ බව නමුකුළ පොලිසිය පැවසීය .

ටී.සෙල්වකුමාර් (30) සහ පී.රමේෂ් (42) යන දෙදෙනා මෙම අනතුරින් මියගොස් ඇතැයි පොලීසිය කියයි.

ඊයේ( 23) දවහල් ආරම්භ කළ රදම් පෙරහැර අද (24)අලුයම වනතෙක් පැවති අතර‍ පෙරහැර අවසන් කර රදම් කරත්තය කෝවිලට රැගෙන යද්දී මෙම අනතුර සිදුව ඇති බවද පොලිසිය සදහන්කළේය .

රදම්කරත්තේ ඉහලට සවිකර ඇති කොටස මෙසේ අධිබලැති විදුලි රැ‍හැනේ පැටලී මෙන් මෙම ඛේදවචාකය සිදුව තිබේ.



from TODAY NEWS LK https://ift.tt/lUXHsDo
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.