Loading..

පොලී අනුපාත පහත දැමීමට අදාළව මහ බැංකුවෙන් බැංකු වෙත විශේෂ නියෝගයක්! නව පොලී අනුපාතයන් මෙන්න!

රුපියල මත පදනම් වූ ණය සඳහා අයකළ හැකි උපරිම පොලී අනුපාතිකය සඳහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකා රුපියල මත පදනම් වූ ණය සඳහා පොලී අනුපාතිකය වෙනස් වී තිබෙනවා.

සියළුම වාණිජ බැංකු මේ අනුව ණය සේවා කිහිපයක පොලී අනුපාතික පහත දැක්වෙන අවම අනුපාතික දක්වා හෝ පහළ දැමිය යුතු බව මහ බැංකුව නිකුත් කළ නියෝගයේ සඳහන්.

  1. උකස් මත ලබ දෙන ණය සඳහා 18% වාර්ෂික පොලී අනුපාතිකය දක්වා පහළ දැමිය යුතුය.
  2. බැංකු අයිරා (OD) සඳහා අයකරන වාර්ෂික ණය පොලී අනුපාතිකය 23%ක් දක්වා පහළ දැමිය යුතුය.
  3. ණයපත් (Credit Card) හරහා මුදල් අත්තිකාරම් ලබා ගැනීමේදී අයකරන වාර්ෂික පොලී අනුපාතිකය 28%ක් දක්වා පහළ දැමිය යුතුය.



from TODAY NEWS LK https://ift.tt/G6ZXxjy
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.