Loading..

113කට මරු කැඳ වූ ඉරාකයේ විවාහ උත්සවයේ ගින්න

උතුරු ඉරාකයේ මංගල උත්සවයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 113 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ගින්නෙන් තවත් 150 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි.

මේ අතර මනාලිය සහ මනාලයා ද සිටින බවයි තොරතරු වාර්තා වුණේ. ඉරාකයේ උතුරු නිනිවේ පළාතේ අල්-හම්දානියා දිස්ත්‍රික්කයේ අඟහරුවාදා (26) රාත්‍රියේ පැවති පැවති මංගල උත්සවයක මෙම ගින්න හටගෙන තිබුණා.

ගින්නට හේතුව කුමක්ද යන්න තවමත් අනාවරණය වී නොමැති අතර, ගිනිකෙළි දැල්වීමෙන් පසුව එය හටගන්නට ඇති බවටයි සැකපළ කරන්නේ.

ගින්න හටගන්නා විට 1,000 ක පමණ පිරිසක් උත්සවයට පැමිණ සිටි බවට තොරතරු වාර්තා වනවා. උත්සව ශාලාව ඉදිකිරීම සඳහා භාවිත කරන ලද දැවෙන සුළු ද්‍රව්‍ය ගින්න විශාල වශයෙන් පැතිරයාමට දායක වූ බවට සැකකරන බවයි ඉරාක ආරක්ෂක බලධාරීන් සඳහන් කරන්නේ.



from TODAY NEWS LK https://ift.tt/TmOg9F3
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.