Loading..

අත්අඩංගුවට ගනු ඇතැයි මෛත්‍රී දැඩි බියකින්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව නඩු 417 සහ අපරාධ කිහිපයකට අදාළ නඩු කිහිපයක් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර සදහන් කරයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔහුට එරෙහිව පවතින නඩු හේතුවෙන් දැඩි මානසික කම්පනයකට පත්ව සිටින බවද හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර සදහන් කරයි.

අධිකරණයේ තමාට එරෙහිව විශාල නඩු ප්‍රමාණයක් පවතින බැවින් තමා අත්අඩංගුවට පත්වනු ඇති බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැඩි තැති ගැන්මකින් යුතුව සිටින බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

අත්අඩංගුවට පත්වනු ඇති බවට පවතින බිය තව දුරටත් වර්ධනය කිරීම සඳහා නිදහස් පක්ෂය පාවා දෙමින් ආණ්ඩුවේ ඇමතිධුර ලබාගත් පිරිස කටයුතු කරමින් සිටින බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

එනිසා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔවුන්ට අවශ්‍ය ලෙස ක්‍රියාකරමින් සිටින බවද අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් දයාසිරි ජයසේකර මේ බව සදහන් කරයි.



from TODAY NEWS LK https://ift.tt/aQzYBe5
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.