ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර තීරණාත්මක තරගය අද (14) දිනයේදී පැවැත්වීමට නියමිතයි.
එම තරගය පස්වරු 3.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර පිටියේදී ආරම්භවීමට නියමිතවව තිබේ.
මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.
බංග්ලාදේශ කණ්ඩායම මෙි වන විටත් සුපිරි සිව්දෙනාගේ වටයේ පළමු තරග දෙකම පරාජයවීම හේතුවෙන් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට අවස්ථාවක් නොමැත.
පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර තරගයට යම් විදියකින් වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණ බැගින් හිමිවෙයි.
එහිදි පාකිස්ථානයට වඩා ශුද්ධ දළ ලකුණු වේගයෙන් ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසුවන හෙයින්, අවසන් මහා තරගයට සුදුසුකම් ලැබිමේ හැකියාව ශ්‍රී ලංකාවට පවතී.
from TODAY NEWS LK https://ift.tt/NPbe489
via IFTTT


