Loading..

අලි සබ්‍රිගේ තනතුර අහිමි වන ලකුණු

නීති විරෝධී ලෙස රත්රන් ගෙන ඒමේ චෝදනාවට වැරැදිකරු වූ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රි අලි සබ්‍රි රහීම් පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවලින් ඉවත් කිරීමේ යෝජනාවක් ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කිරීමට මන්ත්‍රිවරු පිරිසක් තීරණය කර සිටිති.

මෙම මන්ත්‍රිවරයා ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කළ යුතු බවට වන යෝජනාවක් සභානායක ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එම යෝජනාව කාරක සභාවේ සාකච්ඡාවට භාජනය කරන විට ඉහත යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය. හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රි චමල් රාජපක්ෂ එම කාරක සභාවේ සභාපතිත්වය දරයි. අලි සබ්‍රි රහීම් මන්ත්‍රිවරයා ද එහි සාමාජිකයෙකි.

එමෙන්ම පරිසරය හා ස්වාභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේද සාමාජිකයකු වශයෙන් පත් කර තිබේ.

පක්ෂ විපක්ෂ බොහෝ මැති ඇමැතිවරුන්ගේ අදහස වන්නේ මෙම මන්ත්‍රිවරයා සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගතයුතු බවය. මන්ත්‍රිවරයාට මින් ඉදිරියට ගුවන්තොටුපොළේ ප්‍රභූ පර්යන්තය භාවිත කිරීමද කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් තහනම් කරනු ලැබ තිබේ. රුපියල් කෝටි හතහමාරක් පමණ වටිනා රත්රන් හා ජංගම දුරකතන සමග ඔහු හසු වූයේ පසුගිය මැයි මාසයේය.



from TODAY NEWS LK https://ift.tt/zghYRIP
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.