Loading..

මහේස්ත්‍රාත්ට ලේසරයක් ඇල්ලූ උපකාරක පන්ති ගුරා

කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය නඩු කටයුත්තක් මෙහෙයවමින් සිටියදී මහේස්ත්‍රාත්වරිය ⁣දෙසට ලේසර් කිරණයක් එල්ල කල බව කියන උපකාරක පන්ති ගුරුවරයකු ලබන 27 වන දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (15) දින නියෝග කළාය.

කෝට්ටේ කොටුබැම්ම පාර පලමු පටුමග පදිංචිකරුවකු වන බෝපිටිය විදාන ගමගේ චතුෂ්ක ජනිත් ඩයස් නමැති උපකාරක පන්ති ගුරුවරයකු මෙසේ රිමාන්ඩ් බාරයට පත් කළේය.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් දිලූපා ප්‍රියදර්ශනී මහත්මිය කඩුවෙල පොලිස් ස්ථානාධිපතිවරයාට සිදු කල පැමිණිල්ලක් මත අධිකරණයේ රාජකාරි කරමින් සිටි පොලිස් නිළධාරීන් විසින් අධිකරණය තුළ සෝදිසියට ලක්කර සැකකරු අත් අඩංගුවට ගත්තේය.

සැකකරුගේ මානසික ආබාදයකින් පෙලෙන බව ඔහුගේ මාපියන් දැනුම් දුන් බව සැකකරු වෙනුවෙන් පනී සිටි නීතිඥ අශෝක විරසූරිය මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.

එබැවින් සැකකරෙු මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට හැකි බැවින් ඇප මත මුදා හරින ලෙස ඉල්ලීමක් සිදු කරන ලදී.

මෙහිදී කඩුවෙල පොලිසිය වෙනුවෙන් පෙනී සිටි නිළධාරීන් සැකකරුට ඇප ලබා දීමට විරුද්දත්වය පල කළේය.

දෙපර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේත්‍රාත්වරිය සැකකරු මෙම මස 27 වන දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස නියෝග කළේය.

සැකකරු ජාතික මානසික සෞඛ්‍ය වෛද්‍ය ආයතනය වෙත ඉදිරිපත් කර අධිකරණ මානසික වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කර අධිකරණය වෙත කරුණු වාර්තා කරන ලෙසත් සැකකරුගේ දුරකතන දත්ත වාර්තා පරීක්ෂා කර බලා එම වාර්තා ද අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග කළාය.



from TODAY NEWS LK https://ift.tt/vGQdLHO
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.