පිළිස්සුම් තුවාල ලබා මාතර රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි විදේශ ජාතිකයකු මියගොස් තිබේ.
එසේ මියගොස් ඇත්තේ, ඊජිප්තු ජාතිකයෙකි.
ඔහු වැලිගම ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක නේවාසික ව සිට ඇති අතර, එම ලැගුම්හලේ හිමිකරු සමඟ ආරවුලක් ඇති කරගෙන ඇත.
ඒ හේතුවෙන් විදේශ ජාතිකයා ලැගුම්හලට ගිනි තබා ගින්නට පැන ඇති බව වාර්තා වේ.
එහි දී පිළිස්සුම් තුවාල ලැබූ විදෙස් ජාතිකයා මාතර බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මියගොස් ඇත.
මියගිය විදෙස් ජාතිකයාගේ මෘතදේහය මාතර රොහලේ තැන්පත් කර ඇත.
ඔහුගේ ඥාතින් පැමිණිමෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට නියමිත ව තිබේ.
from TODAY NEWS LK https://ift.tt/5lTtgj0
via IFTTT


