අත්‍යවශ්‍ය සේවාවන් කිහිපයක් නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම, රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලාවල සහ වෙනත් සාමාන්‍ය ආයතන වල රෝගීන් නඩත්තු කිරීම පිළිගැනීම, රැකවරණය, පෝෂණ කිරිම හා ප්‍රතිකාර කිරිම සම්බන්ධව සියලු සේවා මෙලෙස අත්‍යවශ්‍ය සේවා බවට පත්කර කරමින් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
සාමාන්‍ය ජන ජිවිතය පවත්වාගෙන යාම සදහා අත්‍යවශ්‍ය වන මෙම සේවාවන්ට අවහිරයක් හෝ බාධාවක් වියහැකි බව සැළකිල්ලට ගනිමිනුයි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.
වැඩබලන ජනාධිපති ලේකම් චාන්දනී විජේවර්ධනගේ අත්සනින් යුතුවයි මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.
from TODAY NEWS LK https://ift.tt/AfaR5Yp
via IFTTT


