යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියක් ඊයේ (17) සියදිවි නසාගෙන තිබේ.
පොලීසිය පැවසූවේ කිලිනොච්චිය, කෝනාවිල් ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ දී ඇය ගෙල වැලලාගෙන ඇති බවය.
මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ 22 හැවිරිදි වසන්තකුමාර් ඩිලක්සියා නමැති තරුණියකි.
එම තරුණිය ගෙල වැලලාගෙන සිටි අවස්ථාවේ ඇයගේ සහෝදරයා දැක වහාම ඇයව කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කොට තිබේ.
කෙසේ වෙතත් රෝහලට ඇතුළත් කළ අවස්ථාව වන විටිත් ඇය මියගොස් සිට ඇති බව වාර්තා වේ.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
from TODAY NEWS LK https://ift.tt/6ZavzPK
via IFTTT


