Loading..

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ පෙත්සම කුණු කූඩයට

තමන්ට ස්ථාන මාරුවක් ලබා දීමට ජාතික පොලිස් කොමිසම ගත් තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිශ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා.

මෙම පෙත්සම එස්.තුරේරාජා, ශිරාන් ගුණරත්න සහ ඒ.එච්.එම් නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලින.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ගංගා වාකිෂ්ඨ ආරච්චි මහත්මිය කියා සිටියේ මෙම මාරුවීම පොලිස් කොමිසම විසින් ඒකමතිකව සිදු කර ඇති බවත් පෙත්සම්කරු සමග මාරුවීම් සිදු කළ නියෝජ්‍ය පොලිස්පතිවරු 7 දෙනෙකු මේ පිළිබඳ කිසිඳු අභියෝගයක් කර නොමැති බවත්ය. ඒ හේතුවෙන් මෙම පෙත්සම ඉවත දමන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ගංඟා වාකිෂ්ඨ ආරච්චි මහත්මිය ඉල්ලා සිටියාය.



from TODAY NEWS LK https://ift.tt/5uijMLz
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.