Loading..

අභියෝග දහසක් මැද ජීවිතය ජයගත් උසස් පෙළ කඩයිම විශිෂ්ඨ ලෙස ජයගත් දිරිය දියණිය

උසස්පෙළ ප්‍රතිඵල ඊයේ (04) නිකුත් කෙරුණා.

එම ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් 166,938 දෙනකු සුදුසුකම් ලබා ඇති බවයි වාර්තා වෙන්නේ.

නිබඳ කැපකිරීමක ප්‍රතුඵල දූ දරුවන් මෙලෙස හිමිකර ගනිද්දී අභියෝග මැදුන් ජීවිතය ජයගත් දියණියක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

ඒ මුලතිව් දිස්ත්‍රික්කයෙන්.

එම දිස්ත්‍රික්කයෙන් වාණිජ අංශයෙන් පලමු ස්ථානයට තේරී පත් වූයේ ඩොරීන් රූපකාන්තන් නම් ශිෂ්‍යාවක්.

ඇගේ පියා අවසන් යුද්ධයේ දී මියගොස් ඇති අතර ඇය කිසිදු රැකියාවක් නොමැති මවගේ හා මිත්තණියගේ සෙවණේ සිට විභාගයට පෙනී සිට ඒ (A) සාමාර්ථ තුනක්ම ලබා ගෙන ඇත.

අභියෝග මැඳ ජීවිතය ජයගත් ඇය සැබෑ දක්ෂයෙකි.

එමෙන් ම 2022 වසරේ අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිපල අනුව යාපනයේ හින්දු විද්‍යාලය ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා.

එම විද්‍යාලයෙන් විභාගයට පෙනී සිටි සිසුන් අතරින් 33 දෙනෙකු විෂයන් තුන සදහාම ඒ ( A ) සාමාර්ථයන් හිමි කරගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.



from TODAY NEWS LK https://ift.tt/R6V9X2N
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.