Loading..

එන්නතකින් පසු මාස හතරක් වයසැති බිළිඳෙක් ජීවිතක්ෂයට

එන්නතක් නිසා ඇතිවු සංකූලතා හේතුවෙන් තවත් බිලිඳෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මාතර වැලිගම ප්‍රදේශයේ පදිංචි මාස 04 ක් වයසැති කුඩා දරුවෙකුට එන්නතක් ලබාදීමෙන් පසු ජීවිතක්ෂයට පත්වූ බවට එම දරුවාගේ මවුපියන් චෝදනා කරනවා.

පසුගිය 02 වනදා මෙම දරුවාට වැලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සායනයකදී අදාල එන්නත ලබා දී ඇති අතර පසුවදා දරුවා අධික ලෙස සීතල වීමෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

නමුත් ඒ වන විටත් එම දරුවා මියගොස් සිට ඇති අතර මරණ පරික්ෂණ වාර්තාවෙන් විවෘත තීන්දුවක් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.



from TODAY NEWS LK https://ift.tt/5IhHO4C
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.