ආසියානු කුසලාන අවසාන මහා තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ෂානකගේ තීරණයක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් විචාරක ආකාෂ් චොප්රා විවේචන කරයි.
ඔහු පෙන්වා දෙන්නේ අද දිනයේ පැවති කාලගුණයත් සමග කාසියේ වාසිය දිනා ගැනීමෙන් ගත්තේ නම් මුලින්ම පන්දු යැවීම තෝරා ගත යුතුව තිබූ බවයි.
වලාකුලු සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පලමු පන්දුවාරවල පන්දුව බොහෝ දෝලනය වන බව ඔහු සඳහන් කරයි.
නමුත් කාසියේ වාසිය දිනා ශ‍්‍රී ලංකා නායකයා මුලින් පන්දුවට පහර දීමට ගත් තීරණය ගැන තමන් පුදුමයට පත්වූ බවත් ඉන්දියාවටත් තරඟ මේ තරම් ලේසි වූයේ ශ්‍රී ලංකා නායකයා ගත්ත වැරදි තීරණය නිසා බවත් පවසන ඔහු එම තීරණ ගැනීම ගැන ඉන්දියාව දසුන් ශානකට ස්තුති වන්ත විය යුතු බවත් ඔහු සදහන් කරයි.
from TODAY NEWS LK https://ift.tt/Dr0cjnz
via IFTTT


