Loading..

විවාහ වී සති තුනයි! බිරිඳ මරා නිවස පිටුපස වළදමලා!

විවාහ වී මාසයක් ඉක්ම යාමටත් පෙර සිය බිරිද මරා නිවස පිටුපස වළ දැමූ ස්වාමි පුරුෂයෙකු පොලීසිය විසින් ඊයේ (24) කොළඹදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස මරා වළ දමා ඇත්තේ මුලතිව් මුල්ලියාවලෙයි වාප්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි ටී.ගීතා නැමති කාන්තාවකි.

මේ කාන්තාව හා මෙම පුද්ගලයා මීට සති තුනකට පමණ ඉහතදී විවාහ වී දින කීපයකට පසුව කුළී පදනම මත ලබා ගත් මුලතිව් වාප්පිඩ්ඩිහි පිහිටි නිවසේ පදිංචියට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.

එම නිවසේ පදිංචියට ගිය දිනයේ සිට ඇය සිය මවට දුරකතනයෙන් දිනපතාම කතා කිරීම පුරුද්දක් වශයෙන් කරගෙන ගොස් ඇතත් ඔක්තෝබර් මස 21 වෙනිදායින් පසුව මවට ඇගෙන් කිසිදු ඇමතුමක් ලැබී නැහැ.

මව විසින් දුරකතන අමතුම් ලබා ගන්නා සෑම අවස්ථාවකදීම ඇගේ දුරකතනය විසන්ධි වී තිබීම නිසා මව ඇයව බැලීමට කුළී නිවස වෙත ගොස් තිබෙනවා.

ඒ අවස්ථාවේදී නිවසේ කිසිවෙකු සිට නොමැති අතර මව ඒ අවට සෝදීසි කිරීමේදී අලුතින් කපන ලද වළක් පස් වලින් වසා දමා තිබෙනු දැක තිබෙනවා.

මේ සිද්ධිය ගැන සැක සිතු මව මුල්ලියාවලෙයි පොලිසියට මේ බව පැමිණිලි කිරීමෙන් පසුව පොලිසිය පැමිණ වළ පරීක්ෂා කිරීමේදීයි මරා වළ දමන ලද කාන්තාවගේ මළ සිරුර හමු වී තිබෙන්නේ.

මේ සම්බන්ධයෙන් පොලීසිය මුලතිව් මහේස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කිරීමෙන් පසුව සැමියා අත්අඩංගුවට ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කොට තිබෙනවා.

ඒ අනුව කොළඹ වැල්ලම්පිටියට ගොස් සිටි ස්වාමියාව මුල්ලියාවලෙයි පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරුව රදවා ගෙන ප්‍රශ්න කිරීම සදහා ලබා ගත් රැදවුම් නියෝගයක් මත ඔහුව රඳවාගෙන ප්‍රශ්න කරන බව වාර්තා වෙයි.



from TODAY NEWS LK https://ift.tt/EvogK9N
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.