Loading..

කැනඩාවේදී සිය බිරිඳව මහ මග පහර දී මරා දැමූ ශ්‍රී ලාංකිකයාට හිමි වූ දඬුවම

කැනඩාවේ මහා මාර්ගයකදි සිය බිරිදට පහර දී මරා දැමූ බවට චෝදනා ලැබූ මුලතිව් ප්‍රදේශයේ පුද්ගලයෙක් එම අපරාධයේ වැරදි කරු බව තීරණය වීමෙන් පසු කැනඩා අධිකරණයක් මගින් ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් පනවා තිබේ.

2019 සැප්තැම්බර් මස 23 වෙනිදා මෙම සිදුවීම සිදුව ඇති අතර ඇයව මරා දැමීමට ප්‍රධාන හේතුව විත්තිකරු විසින් තවත් කාන්තාවක් සමග ඇති කරගෙන තිබූ අනියම් සබදතාවයක් බවට අධිකරණයේදී තොරතුරු අනාවරණය වී තිබේ.

විත්තිකරු බිරිය මරා දැමීමෙන් පසුව එම අනියම් ඇසුර පවත්වා ගෙන ගිය කාන්තාව සමග ජීවත් වී තිබේ.

යාපනයේ මනිපායී ප්‍රදේශයේ පදිංචිව සිටි දර්ශිකා ජෙගනාදන් නැමති කාන්තාව සමග විත්තිකරු 2015 දී ඉන්දියාවේදී විවාහ වී පසුව දෙදෙනාම කැනඩාවට ගොස් තිබේ.

සසිකරන් තනපාලසිංහම් නමති විත්තිකරු සිය බිරිය සමග බසයකින් ගමන් කොට රථයෙන් බිමට බැසීමෙන් පසු මහ පාරේදීම පහර දී බරපතල සිදුකර තිබේ. අනතුරුව කාන්තාව රෝහල් ගත කර ඇත. .

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් ඇති අතර කැනඩා පොලිසිය ඔහුව අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව පැවති නඩු විභාගයේදී ඔහුට මරණීය දඩුවම හිමිව ඇත.

කැනඩාවේ එල්ලස්මියර් නගරයේ මොරිස් පාරේදී සිදු වූ මෙම පහර දීම අසල වූ සී.සී.ටීවී කමරාවක සටහන් ඇත.

මෙම නඩුවේ ප්‍රධාන සාක්කිය වශයෙන් පොලීසිය අධිකරණයට ඉදිරිපත් කොට ඇත්තේ එම කැමරා දර්ශන හා ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාගේ වෛද්‍ය වාර්තාවයි.



from TODAY NEWS LK https://ift.tt/RqZ46UB
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.