Loading..

හිටපු මන්ත්‍රීවරයෙකු දියේ ගිලී මරුට

විමුක්ති පෙරමුණ නියෝජනය කළ; හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.

වැලිපැන්න පොලිසිය පැවසුවේ ඔහුගේ මළසිරුර ඊයේ වලල්ලාවිට – බෝපිටිය ප්‍රදේශයේ තිබී සොයාගත් බවයි.

ප්‍රදේශයේ ඇති ඇළකට ඇද වැටීමෙන් මෙම මරණය සිදු ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අයි. ඒ. වීරසිරි නමැති 70 හැවිරිදි අයෙක්.

හිටපු මන්ත්‍රීවරයා වැලිපැන්න – ඌරගොඩ ප්‍රදේශයේ ඔහුගේ මිත්‍රයෙකුගේ නිවසකට ගොස් සිටියදී අනතුරට ලක් ව තිබෙනවා.

ඔහු අතුරුදන් බවට ඊයේ වැලිපැන්න පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණු හෙයින් සිදු කළ විමර්ශනයකදියි හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ සිරුර දියෙහි තිබී සොයාගෙන ඇත්තේ.

මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර ශික්ෂණ රෝහලට රැගෙ යාමට නියමිතයි.



from TODAY NEWS LK https://ift.tt/jOzi29x
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.