Loading..

නවසීලන්ත ඉනිමේ කඩුළු 7ක් බිඳ හෙලූ ෂාමිගේ විශිෂ්ඨ පන්දු යැවීම ඉන්දියාවට අවසන් තරගයේ දොරගුළු විවර කරදෙයි

විරාත් කෝලිගේ හා ෂ්රෙයස් අයියර්ගේ ශතකය මෙන්ම මොහමඩ් ෂාමිගේ කඩුලු 7 හමුවේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් නවසීලන්තය ලකුණු 70කින් පරාජය කරමින් අවසන් මහා තරගයේ සිය ස්ථානය වෙන් කරගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ(15) සමත් විය.

තරගයේ ප්‍රථමයෙන් පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 397ක් ලබා ගැනීමට සමත් විය.

පන්දුවට පහර දීමේදී විරාට් කෝලි ලකුණු 117ක් හා අයියර් ලකුණු 105ක් රැස් කළේය.

තරගය ජය ගැනීමට ලකුණු 398 ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායට පන්දුවාර 48.5 අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 327 ක් පමණි.

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ ඩැරල් මිචෙල් පන්දු 119 කින් ලකුණු 134ක් රැස් කළේය.

නමුත් මොහොමඩ් ෂාමිගේ විශිෂ්ඨ පන්දු යැවීමේ හමුවේ අඛණ්ඩව තෙවන වරටත් එක්දින ලෝක කුසලාන තරගාවලියක අවසාන තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා නවසීලන්තයට තිබූ අවස්ථාව අහිමි විය.

නවසීලන්ත ඉනිමේ කඩුළු 10න් 7ක්ම බිඳ හෙලමින් ෂාමි ඉන්දීය කණ්ඩායමට අවසන් තරගයේ ස්ථානය වෙන් කරදීමට සමත් විය.



from TODAY NEWS LK https://ift.tt/mh0sogU
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.